මධ්‍යම පංතිය අයිතිවාසිකම්

  •  මධ්යම පංතිය අයිතිවාසිකම් ගැන කතා කරනවා. යුතුකම් ගැන කතා කරනවා. ඒ බොහෝ විට බොරු කතා.
  • අද අනුකම්පාව වගේ වචන වෙනුවට සහකම්පාව වගේ සංස්කෘතියේ නැති හැඟීමක් නූපදවන වචන නම් පාවිච්චි වෙනවා. මිනිසුන්ට හැඟීම් තියෙනවා. මධ්යම පංතියටත් හැඟීම් තියෙනවා. එහෙත් ඔවුන් කැමතියි තමන් බුද්ධියෙන් තර්කයෙන් පමණක් වැඩ කරන උගතුන් බුද්ධිමතුන් බව අනෙකුත් මධ්යම පාංතිකයන්ට පෙන්නන්න.
  • මධ්යම පංතිය ව්යවසායකයන් විවේචනය කරනවා. ශ්රමය සූරාකෑම ගැන කතා කරනවා. ඒත් ඔවුන් ම පොළට ගොස් කන්කුන් මිටියක් ගැනීමේ දී පුළුවන් තරම් අඩුවෙන් ගන්න බලනවා. ඇහුවොත් කියාවි තමන් වෑයම් කරන්නේ නියම අගය ගෙවීමට බවත් ඉල්ලුම සැපයුම ගැන කතාවකුත්.
  • මේ මධ්යම පංතියට පුළුවන්කම ලැබීල තියෙනවා බදු නොගෙවන්නන් ලවා තම බදු වැඩි කිරීම ගැන උද්ඝෝෂණය කරවන්න.
  • මධ්යම පංතිය අයිතිවාසිකම් ගැන කතා කරනවා. යුතුකම් ගැන කතා කරනවා. ඒ බොහෝ විට බොරු කතා. විශේෂෙැයන් ම වාම කතා කියන්නන්ගේ බොරු කතා. ඔවුන් නැති බැරි අය වෙනුවෙන් තම ආදායමෙන් කිනම් ප්රතිශතයක් වියදම් කරනවා ද කියා මා දන්නේ නැහැ..
  • ඔවුන්ට හැඟීමක් නැහැ. එහෙත් තර්ක කරාවි එක් කෙනකුට දෙන්නකුට උපකාර කළා කියා සමාජය වෙනස් කරන්න බැරි බවත් සමාජය වෙනස් කිරීම සඳහා විප්ලවයක් අවශ්ය බවත්. දැන් නම් කියාවි ක්රම වෙනසක් (ඊනියා සිස්ටම් චේන්ජ්) අවශ්ය බවත්.
  • ඒ සමහරකුට හැඟීම් නැතුවා ම නොවෙයි. ඇතැමුනට පෞද්ගලික වෙනත් හැඟීම් තියෙනවා. සමහර විට බුද්ධිමත් හැඟීම් වෙන්න ඇති. ඔවුන්ට ඇති මූලික හැඟීමක් තමයි කැපී පෙනෙන්න තියෙන ආශාව. තමන්ගේ උගත්කම අනෙක් අයට පෙන්නන්න තියෙන ආශාව. තමන් කියවා ඇති පොතක් (තේරුම් ගැනීම පසෙකින් තියමු) අනෙක් අය කියවා නැති බව ප්රකාශ කරමින් උගතා බුද්ධිමතා වීමට ඇති ආශාව.
  • ඊනියා උගත් මධ්යම පංතිය අද ජීවත්වන්නේ අසහනයෙන් ණයබරින් හා අනාගතය ගැන අවිනිශ්චිත බවකින්.
  • ඔවුන් ක්රම වෙනසක් ඉල්ලනවා. එහෙත් දැන් තියෙන ක්රමයවත් තිබිය යුතු ක්රමයවත් ඔවුන් දන්නේ නැහැ. ඇත්තට ම දැන් ක්රමයක් නැහැ. ඒ තමයි මධ්යම පංතික ක්රමය.
  • සෑම විට ම නැති වුවත් මධ්යම පාංතිකයන් දරුවන් ලැබීමෙන් පසු වඩාත් ආත්මාර්ථකාමී වෙනවා. මෙරට අධ්යාපනය සැකසී ඇත්තේ ම ආත්මාර්ථය සඳහා.විවාහ වී දරුවන් ලැබීමෙන් පසු දරුවන් සන්දා ආත්මාර්ථකාමීත්වය සර්පිලාකාරයෙන් උඩට යනවා. එය පරම්පරාවෙන් පරම්පරාවටත් වැඩි වෙනවා. අපේ කාලයට වඩා දැන් එය බෙහෙවින් වැඩියි. 
  • මෙරට අධ්යාපනය සැකසී ඇත්තේ ම ආත්මාර්ථය සඳහා.
  • පාසලකට ඇතුළත් කිරීමේ දී ම තරගය පටන් ගැනෙනවා. පහේ ශිෂ්යත්වය උසස් පෙළ විශ්වවිද්යාලය හැම තැනක ම තරග. මධ්යම පංතියේ සිත්වල ඒ තරග හැඟීම තියෙනවා.
  • පරයන් පරගලය මෙහෙයවූයේ මධ්යම පංතියේ ආත්මාර්ථකාමී හැඟීම් දඩමීමා කර ගෙන. අද පරගලයන් ක්රම වෙනසක් ඇති කරගෙන. දැන් ඡන්ද නැහැ.

Comments

Popular posts from this blog

WHO Are the members of The panel comprising experts To Rewrite India's History ?

some books and resources that might be useful for your research on the topic of Buddhist temples in ancient India:

Are the temples at Bagan originally Hindu but converted to Buddhism?