ගුරට හොරා බෙහෙත් බොන ජවිපෙ

  •  ගුරට හොරා බෙහෙත් බොන්ත බැ කියන එක පුංචි අය පවා දත්ත හරි සරල උපහැරණයක් මෙහි සරල අර්ථය වන්නේ ඇත්ත වසන් කරන්න බැ කියන එක. මේ දිනවල මෙලෙස උගුරට හොරා බෙහෙත් බොන්ත උත්සාහ කරන දේශපාලන පක්ෂයක් තිබෙනවා. ඒ ගැන අටුවා ටීකා ටිප්පති නැතිව පිව්වොත් ඒ ජනතා විමුක්ති පෙරමුණ. මේ පිරිස උගුරට හොරා බෙහෙත් බිම අර්ථවත් වෙන්න, ඕනෑ තරම් සාක්ෂි ඉතිහාසය පුරාවටම දකිත්ත පුළුවන්. ඇත අතීතයට යන්නේ නැතිව මෑත භාගයේ මේ තතාව පැහැදිලි වන තැනක් තමයි ඔවුන් මන්ත්‍රී වැටුප්, දීමනො, වරප්‍රසාද කිසිවක් භුක්ති විඳින්නේ නැති බවට වන ජනප්‍රිය ප්‍රකාශය ඇත්තටම මොකද්ද ඔවුන් සිදු කරන්නේ, මනේත්‍රී වැටුප ගිණුම් ගත වෙද්දී එය පක්ෂ ගිණුමකට බැර වෙන බවත් එය පොදු අරමුදලක් ලෙස සමානව බෙදී යන බවත් පවසනවා. ඇත්ත. ගිට් ගතවීමක් සිදුවෙනවා. නමුත් එහි සමානව ඛෙදී යාමක් සිදුවන්නේ නෑ. මන්ත්‍රී වැටුප් අරමුදලින් වැඩිම කොටස නායකත්ව අනුපිළිවෙලින් බෙදන බවත් වාහන භාවිතයේදීත් හොඳම වාහන නායකත්ව අනුපිළිවෙලින් ලැබෙන බවත්, එහි වන සත්‍යයයි. එසේ නම් තව කවර කතාද?

  • මේ එකම කරුණ නොවේ. භව භෝග අසීමිත ලෙස භුක්ති විදීම සමාජවාදී යැයි කියා ගන්නා ජවිපෙ තුළ නොමැති බවට පුරසාම් දොඩවන මහත්වරු ඉතාම නින්දිත ලෙස ගමේ ගොඩේ පක්ෂ සාමාජිකයාගෙන් ලැබෙන සාමාජික මුදල් සහ වෙනත් ලැබීම් තනි භුක්තියට තතු කරගන්නා ආකාරය රහසක් නොවේ. ජවිපෙට යමක් ජනතාවගෙන් වසන් කිරිමට අවශ්‍ය තැනදී ඔවුන් එයට අදාළ ආවරණයක් සකසා ගන්නවා. එවිට ආවරණය දෙස ජනතාව බලනවා මිස ඇතුළත සම්බන්ධයෙන් එවැනි විසීමක් නැතිව යනුවා. මේ නිසා ජවිපෙ තම හෙළිදරව්වීම තව දුරටත් සිදු නොවීමට සකසා ගත් අලුත් ආවරණය වන්නේ ජාතික ජන බලවේගයයි. බහුජන පක්ෂ හා සංවිධානයන්ගෙන් සැදුම්ලත් යැයි කියත මෙයට මුවා වී පෙරති උගුරට හොරා බෙහෙත් බිම කදිමට සිදුකරමින් පවතී. නමුත් මේ තුළ ජවිපෙ හැර සිටින්නේ සිවිල් චරිත කිහිපයක් පමණි,
  • ලංකාවේ පමණක් නොව ලෝකයේ සිටින සියලු ධනපාමීන්ගේ ඇසුර හා අනුග්‍රහය ලබමින් එය හොඳිත් පවත්වාගෙන යැමට තරම් සූක්ෂමතාවයක් ස්විපෙ දැත් හිමිකරගෙන සිටී. පරිපෙ තමට දෑත් අවුලක් නැත. ගත් මුදල් හෝ වියදම් කළ මුදල් භුක්ති විදි සැප සමීපත් සියල්ල බැරි වෙන්නේ ජාතික ජන බලවේගය නම් හැඩටය. ඒ නිසාම මුදල් මත පිණුම් ගැසීමට තරම් ශක්තියක් දැන් අනුර ඇතුළු ජවිපෙ කාඩරය හිමි කරගෙන සිටී.
  • ව්‍යාපාරික දිලිත් ජයවීර කලකට පෙර යූ ටියුබ් චැනලයකට දුන් සම්මුඛ සාකච්ඡාවකදී සදහන් කර සිටින්නේ ස්විපෙ යනු ව්‍යාපාරික සමාගමක් බවයි. එකී මූල්‍ය ගනුදෙනු සිදුවන්නේ මිලියන ප්‍රමාණයෙන් තොව බිලියන ප්‍රමාණයෙන් බවද ඔහු සදහන් කර සිටී. බිලියන 08ක පමණ මුදලක් නිරන්තරයෙන් ජවිපෙ ගිණුමේ සතු බව සදහන් කිරීමට ඔහු බිය නොවන්නේ පසුගිය ජනාධිපතිවරණ හා මහ මැතිවරණ කාලයන්හි ජවිපෙ සහ දිලිත් ජයවීර අතර සමීප සම්බන්ධයක් තිබූ නිසා බවද මුහු එහිදී සදහන් කරයි.
  • දැන් තවදුරටත් පවිපෙ යනු නිර්ධන පාන්තික දේශපාලනික වුවමණාවක් හෝ ක්‍රියාවලියකින් යුතු පක්ෂයක් නොවේ. ධනේෂ්වර වුවමණාවන් වෙනුවෙන් පෙනී සිටින විට කැට හොල්ලා පක්ෂ අරමුදල් තර කරගැනීමට අවශ්‍ය නැත. මිලියත් ගණනින් ඒ ප්‍රතිපාදන ලැබෙමින් පවතී. මේ නිසාම ඔවුන් පළාත් පාලන මැතිවරණයේදී අත දිග හැර වියදම් කරයි. මැතිවරණ වේදිකාව, කටවුට් පෝස්ටර්, ඩිජිටල් තිර ආදී වෛවර්ණයෙන් පොහොසත් කිරීමට ඔවුන් සතුව ඕනෑ තරම් මුදල් තිබේ. කිසිවෙකු හෝ විපෙත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළහොත් ඔවුන්ට දීමට සදිම උත්තරයක් ද සකසා ගෙන තිබෙනවා. එනම් මේවා හිතවතුන්ගේ පරිත්‍යාග ලෙස ලැබුනු දේවල් යත්තය, නැත්තම් පයේ සනෝදරවරුන්ගේ මැදිහත්වීමෙන් ශ්‍රමයෙන් ගොඩ නැගූ දේවල් බවයි. මේ ජවිපෙ ප්‍රශ්නවලින් ගැලවී යාමේ කූට ත්‍යායයි. 
  • පසුගියදා රූපවාහිනී වැඩසටහනකදී නලින්ද ජයතිස්ස සදහන් කර සිටියේ මිනුවන්ගොඩ පැවැති ජාතික ජන බලවේගයේ රැලියට වියදම් වූ මුදල ලක්ෂ 10ක් බවයි. නලින්ද ජයතිස්ස මෙහිදී කට්ටි ආ පළියට ලක්ෂ 10ක් යැයි පැවසුවඳ එම වේදිකාව හා රැලිය දෙස බැලූ විට ප්‍රචාරණ වැඩකටයුතු කරන ආයතන මේ සම්බන්ධයෙන් සරණ තක්සේරුවට අනුව වියදම ලක්ෂ 100කට ආපන්න විය යුතුයි. එසේ පවසන්නේ එහි අඩංගු වූ ඩිජිටිල් තිර වේදිකා සැරසිලි හා විශාල වේදිකාව, දැවැන්ත ආවරණ පුටු, මෙන්ම ශබ්ද විකාශනය, දිස්ත්‍රික්කයම ආවරණය කරන පෝස්ටර්, අත්පත්‍රිකා, බැතර්, කටවුට්, ධජ, පතාක මෙන්ම ආහාර, ප්‍රවාහන වියදම් මේ සියල්ල එකතුව මුදල ලක්ෂ 100කට ආසන්න බවයි.
  • මැතිවරණයක් සදහා වියදම් කළ හැකි මුදල් සීමාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතක් දැන් තිබෙනවා. මැතිවරණ වියදම් නියාමනය සඳහා නව රෙගුලාසි සම්පාදනය සඳහා වූ පනත පසුගිය ජනවාරි මස 19 වන දින පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා, අදාල කොට්ඨාසයක වියදමි කළ හැකි සීමාව එහි ඡන්දදායන්ගේ ප්‍රමාණයට වන අනුපාතික ක්‍රමවේදයක් සකසා තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ නගර සභාවට අදාළව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා වියදම් කළ හැකි මුදල එහි ඡන්ද දායකයින් 7000ට පාපේක්ෂව එක් අයෙකුට රුපියල් 60 ගණනේ වන ලෙස අදාල වියදම කළ හැකියි. ඒ අනුව වැය කළ යුතු වන්නේ ලක්ෂ 4.2ක මුදලක්. එය එසේ නම් මිනුවන්ගොඩ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක කටයුත්ත අනීතිකය දූෂිතය. එමෙන්ම මුදල් බලය යොදවා ඡන්දදායකයන්ට කළ අනිපි බලපෑමක්,මේ එක් උදාහරණයක් පමණි. එහෙත් ජාතික ජන බලවේගය නැමැති ජවිපෙ නැව විසින් මේ වන විට දිවයින පුරා ප්‍රධාන රැළි ගණනාවක් පවත්වා තිබෙනවා, කොළඹ, කුරුණෑගල, කෑගල්ල, අම්බලන්තොට, මාතර, ගාල්ල, මහනුවර,අකුරැස්ස, පුත්තලම, අම්පාර, අනුරාධපුරය, පොළොන්තරුව, කළුතර, හොරණ ආදී තවත් ස්ථාන ගණනාවක දැවැන්ත රැළි සංවිධානය කොට තිබුණි. මේ සියලු රැලි සදහා වියදම් පූර්වයේ දැක්වූ ලක්ෂ 100ට හා සලකා බැලීමේදී රුපියල් බිලියනයකට ආසන්නව වැය කර ඇතැයි ගණන් හැදීම වැරදි නැත.
  • පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වා හෙළිදරව් කර ඇති ආකාරයට මෙතෙක් වැඩිම බස් රථප්‍රමාණයත් මහජන රැලි සඳහා දේශපාලන පක්ෂයක් විසින් වෙන් කොට ගෙන ඇත්තේ ජාතික ජන බලවේගයයි. ඔවුන් සඳහන් කරන අන්දමට එක් රැලියකට අවම බස් රථ 20කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහන ගාස්තු ගෙවා වෙන් කොට ගත් බවත් සියලු වියදම් අදාළ පක්ෂය විසින් ගෙවා තිබෙනවා. එසේ නම් අවම කිලෝමීටර් 20 - 80 ක අතර දුරකින්වත් මේ සෑම රැලියක් සඳහාම පාක්ෂික පිරිස ගෙත්වා ගැනීම වී ඇති අතර ප්‍රවාහනය සඳහා එක් බස් රථයකට 50,000කට වැඩි වියදමක් දැරීමට සිදුවීම අනිවාර්යයකි. ඒ අනුව බස් රථ 20කින් ජනතාව සහභාගී වන්නේ නම් එතැනම වියදම රුපියල් ලක්ෂ 10ක් වෙනවා. බස් රථ හා වියදම් වන මුදල මීට වඩා වැඩිවීම අනිවාර්යයි. සංග්‍රහ වියදම් ආදිය මීට අමතරවයි. ඒ අනුව රැලියකට මෙවැනි දැවැත්ත වියදමක් සිදු කිරීමට පාක්ෂිකයාට වත්කමක් නැති බව පැහැදිලියි. මේ වැය බර දරන්නේ ජවිපෙ කියන පරිදි ජනතාවගෙන්ද නැතහොත් ජවිපෙට් සම්බන්ධ වී ඇති අලුත් ධන තුවේරයන් විසින් ද යන්න දන්නේ ජවිපෙ හැව විසිත්මයි.
  • මීට අමතරව දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙලක් පළාත් පාලන මැතිවරණය වැනි ගමේ මැතිවරණයක් සඳහා යෙදවීම කොතරම් දුරට කාලෝචිතද යන්න විමසීම වැදගත්, පවතින ආර්ථික අර්බුදයක් හමුවේ රටෙන් භාගයක් බත් වේලක් කෑමේ දුෂ්කර තත්වයකින් අහේතියකින් පෙළෙන සමයක මෙවැනි වියදමක් දැරීමට නිර්ධන පංතියේය. කියත පක්ෂයක්, සමාජවාදය ගැන තත් දෙඩවූ පක්ෂයක්, දූෂණය වංචාව නැති කිරීමට බලයට පැමිණෙන්නේ යැයි කියන පක්ෂයක් විසින් සිදුකිරීම ඔවුන්ගේ ඇත්ත දේශපාලනය සහ සදාචාරය පෙන්වන්නක්,සාමාන්‍යයෙන් ජාජජ්‍යයේ රැලියක් සංවිධානය වන ප්‍රදේශයෙනුත් ඔබ්බට වැඩි සැරසිලි ප්‍රමාණයක් ඔවුන් විසින් සිදුකරයි. මේවා කලින් දකින්න ලැබුණේ මහින්ද රාජපක්ෂ යුගයේ, මහින්ද, කටවුට් මහින්ද වූයෙත් ඒ නිසායි. රටට අපුලක් මෙන්ම වදයක් වූ ඒ ප්‍රචාරණ ආකෘතිය මහින්ද රාජපක්ෂ පාලන යුගයෙන් පසුව ජවිපෙ නැවත කරලියට ගෙනවිත් තිබෙනවා, දැන් ගැටලුව ඇත්තේ ලයිට් කණුවක් කණුවක් ගානේ දැවැන්ත ප්‍රචාරක පුවරු ඉදිකරන බවට, ඒ වෙනුවෙන් ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ ජාවාරම්කාරයන්ගේ සහ රජයේ මුදල් වැය කරන බවට රාප්පක්ෂ පාලනයට එරෙහිව දැඩි චෝදනාවක් සිදු කළ ප්‍රචාරණ ආකෘතියම ජවිපෙ පාවිච්චි කිරීමයි.
  • මීට අමතරව දිවයින පුරා තරු පංතියේ හෝටල්, උත්සව ශාලා වෙන්කර ගනිමින් සිය ගණතින් ප්‍රභූන් හා ව්‍යාපාරික ප්‍රජාවන් අළලා සිදුකරන සම්මන්ත්‍රණ සිදුවෙනවා. මෙවැනි එක් හෝටලයක් වෙන් කර ආහාර හා ප්‍රචාරණ කටයුතු සදහා වෙන් වන මුදල ලක්ෂ 50කට ආසන්න වෙයි. එවැනි එක් ප්‍රධාන හමුවක් වන්නේ ගලදාරි හෝටලයේ පසුගිය දා පැවැති ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩ සටහනයි. එවැනි හමු ලංකාවේ ප්‍රධාන නගර කීපයකම සිදුකොට ඇති බවද වාර්තා වුණා.
  • මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ අදූෂිත හා ජනතා හිත සුව පිණිස ආර්ථික ක්‍රියාවලිය කුමක්ද යන්න පැහැදිලියි, තමන්ට රිසි තැනදී තබරගොයා තලගොයා කරගැනීමට උපන් හපනුන් වන්නේ ජවිපෙය. මූලික ප්‍රතිපත්තිවලට අනුව ජවිපෙ පොදු දේපල ක්‍රමයක් ගැන පාරඛාන්නේ තම පාලන බලයක් යටතේ සිදුවන සමානාත්මතාවය සම්බන්ධයෙන් පුරසාරම් දොඩවමිනි. තව පැත්තකින් දැවැන්ත මුදලක් වැය කරමින් ජනතාව මුලාකරමින් සිටී. වරක් ජවිපෙ බිමල් රත්නායක විසින් සිදුකළ දේශනයකදී මාක්ස්වාදීන්ගේ අත්පොත වන කොමියුනිස්ට් ප්‍රකාශනය උපුටා දක්වමින් දේපල අත්පත් කරගන්නා ආකාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. එහිදී ඔහු සදහන් කොට සිටියේ සේවයන් 50 දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් සේවයේ යොදවමින් පවත්වාගෙන යන ඕනෑම ආකාරයක දේපලක් වේ නම් එය සමාජවාදී පාලනයක් හෙවත් තමන්ගේ පාලනයක් යටතේ රජයට පවරා ගන්නා බවයි. පැත්තකින් සාම්ප්‍රදායික ධනවාදි යැයි මහ පක්ෂ පවා සිදු නොකරන තරමේ විශාල වැය බරත් හා පරිසර හාතියක් සිදුකරමින් සිටින ජවිපෙ අනෙක් පැත්තෙන් තමන්ගේ පාලනයක් යටතේ පෞද්ගලික දේපොළ ක්‍රමය තම පක්ෂයේ ප්‍රතිපත්තිය කරගෙන සිටියි. ඒ අනුව පෞපෞද්ගලික සමාගම් කර්මාන්ත හෝ දේපල අත්පත් කරගන්නා බව පවසයි.
  • මූලික ප්‍රතිපත්ති තුළ පවා පරස්පරතා ගොඩනගමින් ජාතික ජන බලවේගය නැමති ජවිපෙ හැව උපයෝගී කොට ගෙත මේ වන විට දූෂිත මෙහෙයුමක් සිදුකරමින් සිටින බව පැහැදිලියි. ජවිපෙ ඉහළ නායකයන් සතුව ද මේ වන විට දැවැන්ත දේපොළ ප්‍රමාණයක් ඇති බවට වන විශ්වාසනීය තොරතුරු ඕනෑ තරම් තිබෙනවා. රුපියල් බිලියන ගණනාවක් වටිනා පැලවත්ත ජවිපෙ මූලස්ථානය වැති දැවැන්ත දේපෙළ ප්‍රමාණයක් මෙම නායක කාරකාදීන් සතුවත් ඇති බව ජනතාව නොදන්නා රහසකි. මෙම මුලස්ථානය ඉදිකිරීම වෙනුවෙන් මුදල් සැපයූ ව්‍යාපාරිකයන්ව ඔවුන් එල්ල වූ චෝදනා හමුවේ ඔවුන්ව ආරක්ෂා කරමින් පසුගිය කාලයේ ජවිපෙ කටයුතු කිරීම අනුවත් පැහැදිලි වන්නේ අද තමන්ට මුදලින් ආධාර කරන ව්‍යාපාරිකයන් හෝ වේවා ජාවාරම්කාරයන් හෝ වේවා කවර තත්වයක් යටතේ හෝ ආරක්ෂා කිරීමට ජවිපෙ බැඳී සිටින බවයි.
  • මීට අමතරව ජවිපෙ නායකයන්ගේ පුද්ගලික පරිහරණය සදහා වන මුදල් යෙදවීම් සම්බන්ධයෙන් ද මේ දිනවල කතා වෙමින් පවතිනවා. අඳිත ඇඳුමේ සිට සපත්තුවේ සිට වාහනයේ සිට දැන් දැන් වෙනස්කම් රාශියක් සිදුවෙමින් පවතිනවා. පෙරදි ගොවින් කම්කරුවන් වැනි කිසිවෙකු විසින් දුන් ඇඳුමක් ඇන්දා යැයි කියමින් දේශපාලනය කළ ජවිපෙ ඉහළ නායකත්වය දැන් මිළ අධික බ්‍රැන්ඩඩ් ඇදුම් පැළඳුම් පාරිභෝජප්තය ගැන උදම් අමින් සිටින අවස්ථාද දකින්නට තිබුණා. අනුන්ගෙන් ඇඳුම් ඉල්ලා ගැනීම, මාරුකර කර ඇඳීම ගැන ඊයේ පෙරේදා කොළඹ නගරාධිපතිනිය බවට පත්වීමට බලා සිටින වාසි කැලී බල්තසාර් වැනි අය කරන ප්‍රකාශ විහිළු නම් ඇත්තටම ප්‍රකාශයට හා ජවිපෙ සිදුක ඉඳුරා වෙත: ජවිපෙ පාක්ෂි මැතිවරණ විය. අමුවේ උල්ලංඝණ සංදර්ශන පවත්වන මයේ එම රවට්ටමින් කරගෙන යන ක්‍රියාදාමය ගැන නම් හෙළිදරව් කර ගැනීම ජනතාව සමත් විය යුතුයි. නැතිනම් යළි අමාරුවේ වැටෙන්නේ ජනතාවමය.

කේ.පී.අයි. ප්‍රියංගනී


Comments

Popular posts from this blog

what is the book ,Debunking the Kama Sutra Myth?

WHO Are the members of The panel comprising experts To Rewrite India's History ?

Are the temples at Bagan originally Hindu but converted to Buddhism?