Posts

Showing posts from July, 2023

ලංකාව තුළ දෙමළ නිජබිමක් නෑ…ඔප්පු කරන්න ජගතෙක් ඉන්නව නම් උත්තර දෙන්න මම සූදානම් -එල්ලාවල මේධානන්ද නාහිමි

  දිවයින සංග් ‍ රහය-2023.06.02 ඉතිහාසයේ උරැමය රැකි යතිවර ගවේෂණය -2 මුලතිව් කුරුන්දි පුදබිමට මම ගියේ 1964 අවුරුද්දෙ… ලංකාව තුළ දෙමළ නිජබිමක් නෑ…ඔප්පු කරන්න ජගතෙක් ඉන්නව නම් උත්තර දෙන්න මම සූදානම් -එල්ලාවල මේධානන්ද නාහිමි පුරාවිද් ‍ යා චක් ‍ රර්වතී එල්ලාවල මෙධානන්ද හාමුදුරුවො සොයාගෙන ඇති සෙල්ලිපි සංඛ් ‍ යාව පන්සියයකට වැඩිය. ඒ අතර සුවිශේෂී සෙල් ලිපි රාශියකි. දුටුගැමුණු රජුගේ බිසව රාජිතා බව සොයාගැනීම, විහාරමහාදේවිය පැවිදි වී සිටි බව සොයාගැනීම, මහානාග යුව රජු රෝහණයේ පිහිට වූ මාගම රාජධානියේ රාජ පරම්පරාව නිවැරැදිව හඳුනාගැනීම, වලගම්බා රජ පරම්පරාව නිවැරැදිව හඳුනාගැනීම එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ගේ සුවිශේෂී සෙල්ලිපි කියැවීම් බව සැබෑය. අති විශිෂ්ට පුරාවිද් ‍ යා ගවේෂණය ඇගයීමට ලක් කරමින් එවකට ආණ්ඩුව විසින් පාසල් ගුරු සේවයේ නියැලි සිටි උන්වහන්සේට ජයවර්ධනපුර විශ්වවිද් ‍ යාලයේ කථිකාචාර්ය පදවියක් පිරිනමා තිබිණි. “ජයවර්ධනපුර විශ්වවිද් ‍ යාලයේ ගුරුවරු, ළමයි අතර මට හොඳ පිළිගැනීමක් තිබුණා. මගේ රාජකාරිය නිවැරැදිව කරගෙන යනකොට දේශපාලන ඉල්ලීමක් මත ඇහැලියගොඩ, උඩුවක සිද්ධාර්ථ පාසලේ විදුහල්පති ලෙස වැඩ භාරගැනීමට